paypal account ගැන ඔක්කොම

Paypal සහ අන්තර්ජාල මුදල් ලිපි මාලා හැඳින්වීම. 

අපේ යාලුවෝ ගොඩදෙනෙක් ගේ ප්‍රශ්නයක් වුන පෙපෑල් පිළිබඳව සහ අන්තර්ජාලය හරහා උපයන මුදල් අපගේ පේපැල් ගිණුමට ලබා ගන්න ආකාරය පිළිබඳව ලිපි මාලාවක් ඔන්න දැන් අපි ඔයාලට දෙන්නයි හදන්නේ.


මේ ලිපි මාලාව Beginners  එහෙමත් නැත්නම් නවකයන් හට පහසුවක් වීම සදහායි ලියන්නේ. සල්ලි හොයන්න කියලා දුන්නාට වැඩක් නෑ, ඒවා ගෙන්නන්න කියලා දුන්නේ නැත්නම්.  ගොඩක් අය දන්නේ නැතිකම නිසා මිල මුදල් නාස්ති කර ගන්නවානේ.


මේ ලිපි මාලාවේ මූලික පරමාර්ථ:

  • පේපැල් හි නීති සරලව කියාදීම.
  • පේපැල් සහ ලංකාව අතර ගනුදෙනු පැහැදිලි කිරීම.
  • මුදල් ගෙවීම් ලැබිය හැකි පෙපැල් ගිනුමක් සාදන ආකාරය / වෙරිෆයි කිරීම.
  • පේපැල් මගින් මුදල් ගෙවීම්, ලැබීම් කරන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • පේපැල් මුදල් ඇලට්-පේ එකට දාන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් 2checkout, Fastspring හා Plimus හරහා චෙක්කු මගින් ගෙන්වන ආකාරය.
  • පේපැල් හි ඇති මුදල් Payoneer කාඩ් එකකින් රුපියල් බවට හරවන ආකාරය.
  • පේපැල් සදහා ආදේශක වෙබ් අඩවි.
හා වෙනත් වල්-පල් සමග බොහෝ දේ.

PayPal ඩොට් com

eBay කවුරුත් දන්න වෙබ් අඩවියක්.  මේ වෙබ් අඩවිය සදහා මුදල් ගෙවීම් කිරීම, ලැබීම සදහා eBay විසින්ම සාදනු ලැබූ වෙබ් අඩවියක් තමයි පේපැල් කියන්නේ. VISA, MASTER, AMEX කාඩ් හරහා බැංකුවක ඇති මුදල් eBay එකට ලබාදීම, මූලිකව මේ වෙබ් අඩවිය හරහා සිදුවෙනවා. 1998 බලවත් රටවල් කීහිපයකට සීමාවී ආරම්භ වුවත්, අද වන විට රටවක් ඉතා ස්වල්පයකට හැර අනිත් සියලු රටවලට මෙහි සේවාව ලබා දෙනවා. මෙහි මූලික ක්‍රියා පටිපාටි කිහිපයක් තියෙනවා. ඒවානම් Send, Receive, Withdraw.

Send = ඕනෑම VISA, MASTER, AMEX  කාඩ් එකක හෝ පේපැල් ගිනුමේ ඇති මුදල් වෙනත් පේපැල් ගිනුමකට යැවීම.

Receive = ඕනෑම VISA, MASTER, AMEX  කාඩ් එකක හෝ පේපැල් ගිනුමකින් එවන මුදල් තමන්ගේ පේපැල් ගිනුමට ලබාගැනීම.

Withdraw = පේපැල් ගිනුමේ ඇති මුදල් කාඩ් එකකට, බැංකු ගිනුමට හෝ චෙක්කුවක් මගින් ගෙන්වාගැනීම.

පේපැල් හි නීති සරලව

  • එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් පේපැල් ගිනුමක් පමනයි (Personal Account). එහෙත් ව්‍යාපාරය සදහා  තවත් එක් පේපැල් ගිනුමක් තබා ගත හැකියි (Business Account). වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා.
  • සෑම පේපැල් ගිනුමකටම සීමාවක් පනවා තියෙනවා( $100-$500 ), ඒ සීමාව ඉවත් කිරීමටනම් වෙරිෆයි කල යුතුයි.
  • මේ සදහා, VISA, MASTER, AMEX  කාඩ් වලින් එකක් හෝ බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි.
  • Send only / Send and Recive only / Send , Recive and Withdraw ලෙස කණ්ඩායම් තුනකට සියලු රටවල් වෙන් කර තියෙනවා. අවාසනාවට ලංකාව Send only කණ්ඩායමේ සිටින්නේ. මේ පිලිබද වැඩිදුර තොරතුරු https://www.paypal.com/worldwide/
  • එක් පේපැල් ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
  • යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.

පේපැල් සහ ලංකාව


කලින් කීවා වගේ ලංකාව Send only කණ්ඩායමේ ඉන්නේ. අපේ රටේ විදියට හදන පේපැල් ගිනුම් වෙරිෆයි කලත් නැතත් මුදල් ගෙවීම් ලබන්න බෑ. යම් වෙබ් අඩවියකින් අපේ පේපැල් ගිනුමට මුදල් Withdraw කලවිට ඒ මුදල් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ Vanish වෙනවා. ඒ වෙබ් අඩවි වලින් ඇත්තටම මුදල් එවනවා. ඒත් පේපැල් අපේ මුදල් හොරකම් කරනවා කීවොත් මම නිවරදියි කියලා හිතනවා. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන. :D

මුදල් ගෙවීම් ලබන්න බැරි වුනාට අපේ අහිංසක රටේ තියෙන මුදල් එයාලා පිට රටවලට අදිනවා. ඒ කියන්නේ VISA හෝ MASTER කාඩ් එකක තියෙන මුදල් පේපැල් හරහා වෙනත් රටකට යවන්න පුලුවන්. ඒක තමයි අපි ඊ-බොක්කෙන් බඩු ගෙන්නනවා කියලා කරන්නේ. ඒත් මේ කුමන්ත්‍රණ ගැන ඔය ලොකුයි කියාගන්නාවූ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කණස්සල්ලට හේතුවක්. ඒත් එයාලා ඒ වෙනුවට එහෙන් ගෙන්වන භාණ්ඩ වලට මෙහෙන් බදු ගහලා මේ අහිංසක මිනිස්සුන්ව තවත් තලලා දානවා.

මං කියන්නේ මුදල් ඒ රටවලට යවන එක නවත්වන්න කියලා නෙවේ, යවනවා වගේ දෙගුනයක් අපිට මේ රටට ගෙන්නන්න පුලුවනි, ලංකාව දැන් දාලා තියෙන Send only කණ්ඩායම මාරු කරගත්තොත්. බැනුම් අහ අහා කුප්පි දදා කියලා දෙන්නේ, විදේශ විනිමය රටට ගේන හොදම ක්‍රමය තමයි.

ලංකාවේ බලධාරින් නැගිටිනකන් අපට ඉන්න බෑ. :P ඒ නිසා ඉස්සරහා දොරින් බැරිනම් පස්ස දොරින් හරි සල්ලි ගෙන්නමු. හිතනවා internet money ගැන උනන්දු බොහෝ පිරිසක් ලංකාවේ ඉන්න බව.


මූලික ක්‍රියා පටිපාටිය හා උපදෙස්

[#] මුලින්ම දැනගන්න ඕනේ, අපි මේ කරන්නේ නීති විරෝදී ක්‍රියාවක්.
[#] අපි පේපැල් ගිනුමක් හදන්න යන්නේ වෙනත් රටක ඉදලා, දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] "පේපැල් හි නීති සරලව" පලමු ලිපියෙන් කියාදුන් පරිදි, යම් හෙයකින් අපේ පේපැල් ගිනුම limit කලහොත් අපි අපේ අනන්‍යතාවය තහවුරු කල යුත්තේ වෙනත් රටක ඉදලා දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] ඒ වගේම ඔබේ පේපැල් ගිනුම හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්න.
[#] eBay ගෙවීම් සදහා භාවිතා නොකරන තරමට හොදයි. ( eBayට වඩා මිල අඩුවෙන් භාණ්ඩ හා සේවා ලබාගත හැකි ස්ථාන මම පෙන්වන්නම්)
[#] IP/Proxy Hide මෘදුකාංග කිසිම දෙයක් මේ සදහා භාවිතා කරන්න එපා.
[#] දැනටමත් ඔබට පේපැල් ගිනුමක් තිබේනම්, නව පේපැල් ගිනුමක් සෑදීමට පෙර පරිඝනකය Format කිරීම නුවනට හුරුයි.
[#] කිසිම විටෙක පේපැල් ගිනුම් දෙකකට එකම පරිඝනකයක් හරහා ලොග් වන්න එපා.

මේ කියන්න යන්නේ අමතර කාරනයක්. ඒත් ඒක මේ දේටත් වැදගත් වෙනවා. අපි දැනටමත් දන්නවා සයිබරය රජ කරගෙන සිටින වෙබ් අඩවි, උදාහරනයක් කීවොත් ගූගල්, අමේසන්, පේපැල් වගේ ඒවා. මෙයාලා අපේ කොම්පීතරේ ඇතුලේ Flash Cookies කියලා ජාතියක් හංගනවා. ඒ හංගන්නේ එයාලගේ වෙබ් අඩවි වල security level එක ඉහලින් තියාගන්න. ඒ Flash Cookies  වල අපේ සියලුම account info, usernames, ip වගේ තොරතුරු ඇතුලත් වෙනවා. මේයාලා මේ Cookies හංගන එක අපිට නවත්වන්න බෑ. ඒත් හංගපුවා ඉවත් කරන්න පුලුවන්.
Better Privacy කියන ඇඩෝනය ගිනි නරියාට දාගන්න

Flash Cookies  අයින් කරන්නේ මෙහෙමයි
Firefox--> Add-ons


 1 හා 2 බොත්තම් පිලිවෙලින් ඔබන්න



ඒ වගේම මේ ඇඩෝනයේ settings පහත ආකාරයට හදලා තියන්න. 3 බොත්තම ඔබා පහත ලෙස සකසන්න.


හරි දැන් ඔයා paypal account එකක් හදන්න පහල අකුරැ උඩ click කරන්න.

සර්ව සම්පූර්ණ පේපැල් ගිනුමක් සැදීම

හරි දැන් ඔයා paypal account එකක් හැදුව එත් paypal එකේ තියන සල්ලි ගෙන්න ගන්න නම් එක verify වෙච්ච paypal account එකක් වෙන්න ඕන. දැන් අපි paypal account එක verify කරගමු. ඒකට පහල තියන paypal account එක verify කරගමු කියන අකුරු උඩ click කරන්න.

paypal account එක verify කරගමු



ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා

අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා? කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ‍ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?

දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝ, වැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේ, බැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.

පේපැල් ගිනුමක් සෑදීම සාරාංශය කීවොත් මෙහෙමයි

01. Malaysia, Indonesia, Philippine රටවල් තුනෙන් එකක විදියට ගිනුම හදන්න.
02. තමා ගේ නම් ගම් ඇතුලු සියලු තොරතුරු සත්‍ය තොරතුරු ලබාදෙන්න
 මං හිතන්නේ නෑ දැන් ගිනුමක් හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා කියලා. සියලුම ගැටලු සාකච්ඡා කලා, මීට වඩානම් තේරෙන්න කියලා දෙන්න මං දන්නේ නෑ.

2 comments:

  1. හොද පොස්ට් එකක්

    ReplyDelete
  2. HNB card ekakin paypal eka verify karala payoneer card ekakin salli ganda puluwanda bn

    ReplyDelete

PaidVerts