Blog එකට Template එකක් දාමු....


ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.
දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල දෙන්න යන්නෙ.ඒක ලස්සන කරල පෝස්ට් දාන හැටි.තව ඉතින් followers ගැන,කමෙන්ට්ස් ගැන වගේ දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.එක පෝස්ට් එකකින් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒත් වෙලාව මදි වුනොත් තව පෝස්ට් එකකින් දාන්නම්.හරි එහෙනම් පටන් ගමු.



ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)

මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)

** Blogger Templates     (http://btemplates.com)
** Free Blogger Templats    (http://www.bloggertemplatesfree.com)
** BLOGGER TEMPLATES   (http://www.bloggertemplatesblog.com)  (ඉස්සෙල්ල එක නෙමෙයි)

මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් ‍තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි ‍තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ template කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)


ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)


ඊට පස්සෙ එතන තියෙනවනෙ ලොකු කොටුවක්.අන්න ඒකේ අකුරු වගයක් තියෙනවනෙ එවා මකන්න..ඊට පස්සෙ  ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.එක notepad එකෙ ඔපන් කරලා එකෙ අකුරු copy කරගෙන අර කොටුවට paste කරගන්න.

ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙන විදිය බලන්න preview template එක ක්ලික් කරන්න.template එක දාන්න save ක්ලික් කරන්න.
දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.

1 comment:

  1. හරිම වැදගත් පොස්ට් එකක්.. අන්තිම හරිය අමාරුයි. ඒත් උත්සාහ කරනවා... ගොඩාක් ස්තුතියි.. තවත් දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...

    ReplyDelete

PaidVerts